දිවයින පුරා වනජිවි නිලධාරින් (18) දින අසනිප නිවාඩු වාර්ථා කරමින් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරතවිමට පියවර ගෙන ඇති බව සමස්ථ ලංකා එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසනවා.
ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියා සිටියේ, වනජිවි නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරිම, වනජිවි නිලධාරින්ගේ සේවය ඇගයිමට ලක් නොකිරිම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘර්තිය සමති ක්‍රියා මාර්ගය දියත් කරන බවයි.
මෙ වනවිට රාජකාරිය් නිරතව සිටින වන ජිවි නිලධාරීන් 85 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් 23 දෙනෙකු වල් අලි ප්‍රහාර වලින් මිය ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වන සම්පත් ආරක්ෂා කිරිමට යැමෙදි බාහිර පුද්ගලයින් විසින් ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් වනජිවි නිලධාරින්ට රක්ෂිත බන්ධනාගාර ගතවිමට සිදුවු බවත්, එයට රජයේ කිසිදු පාර්ශවයන්ගේ මැදිහත් විමක් සිදුනොවූ බවත් යන කරුණු පාදක කරගෙන මෙම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.