27 C
Colombo
Saturday, March 22, 2025

දේශබන්දුට ඇප දෙනවා ද ? නැද් ද?

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවන ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද පස්වරු 2.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දුටු තැන අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග ලැබ සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා.

එහිදී මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේ, අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

පසුව ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.

2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 27 වැනිදා නියෝග කළා.

දින 20ක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට භාර වුණේ මෝසමක් ගොනු කරමින්.


RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

අයවැයට කථානායකගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අද (21) සිය සහතිකය සටහන් කළා. ඒ අනුව මෙම විසර්ජන පනත්...

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ)...

POPULAR ARTICLES

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

අයවැයට කථානායකගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අද (21) සිය සහතිකය සටහන් කළා. ඒ අනුව මෙම විසර්ජන පනත්...

බිඳ වැටුන බලාපොරොත්තු

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් මීට සුළු වේලාවකට පෙර බිඳ වැටුණා. මෙම ශූරතාවලියේ පිරිමි...