25 C
Colombo
Friday, October 25, 2024

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති පෙත්සම් පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 යළි සිදු කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළා.

පෙත්සම අද (24) යළි කැඳ වූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතාගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් පැමිණිලි කරු මේවන විට ජනාධිපතිවරයා බව දන්වා තිබෙනවා.

2017 වසරේ ඔක්තෝබර් මස 15 වනදා ඒකාබද්ධ විපක්ෂය ලෙස හඳුන්වාගත් පිරිසක් “ජාතික සම්පත් සුරකිමු දේශපාලන දඩයම නවතමු” යන තේමාව යටතේ විසින් තංගල්ල නගර සභා ශාලාවේ දී පැවැති රැස්වීමකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශයෙන් සිය කීර්ති නාමයට හානි වී ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම අනුර කුමාර දිසානායක මහතා ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

බිත්තර මිල පහළ දමන්නේ මෙහෙම

බිත්තරයක් රු.41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි ලෙස වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...