27 C
Colombo
Monday, March 31, 2025

පියැසි මත සවිකරන සෝලා ඒකකයකට ගෙවන මුදල අඩු කරයිද ?

- Advertisement -

සෝලා පද්ධති අලෙවි සමාගම්වල සේවකයින් පිරිසක් අද (28) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ, පියැසි මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල අඩුකිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින්. 

ඔවුන් චෝදනා කළේ මෙම යෝජනාව හරහා එම සමාගම්වලට දැඩි බලපෑමක් සිදුවන බවයි.

පියැසි මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීම සඳහා මේ වනවිට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

එම කැබිනට් පත්‍රිකාවට අනුව සෝලා පද්ධති හරහා නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට මෙතෙක් ගෙවන ලද රුපියල් 27ක මුදල රුපියල් 19 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබුණා.

මීට අමතරව කිලෝවොට් 20 – 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් මෙන්ම කිලෝවොට් 100 – 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක් ලෙස ගාස්තු සංශෝධනය වියයුතු බව අදාළ කැබිනට් පත්‍රිකාවේ දක්වා තිබෙනවා.

අදාළ යෝජනාව මගින් සෝලා පද්ධති අලෙවි සමාගම්වලට දැඩි බලපෑමක් එල්ලවන බව ඔවුන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

පේරා⁣දෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

පේරා⁣දෙණිය, ඒදඬුවාව ප්‍රදේශයේ දී අද (31) රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙමඅනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා. තවත් දෙදෙනෙකුට තුවාල ලබා ඇති බව...

නීතිවිරෝධී වත්කම් යළි අත්පත් කරගන්න නීතියක්

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. වංචනිකයින්ට සහ දුෂිතයින්ට...

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාමීය බැතිමතුන් අද (31) ඊදුල් ෆිතර් හෙවත් රාමසාන් උත්සවය සමරනවා. රාමලාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි. පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට, හිරු බැස යන...

POPULAR ARTICLES

 ක්‍රිකට් නිලවරණයත් අද

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වෙනවා. වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා නැවත...