ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුවේ කටයුතු කඩිනම් කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය පවසනවා.
අද (09) පාර්ලිමේන්තුවේදී ශානික්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිනිය සඳහන් කළේ එම කමිටුව පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කළ පත්‍රිකාවට මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.
ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට අදාළ කමිටුවට නිර්දේශ ඉදිරිපත් කිරීම කඩිනම් කිරීමට උපදෙස් ලබා දී ඇති අතර ඒ වෙනුවට නව නීතියක් සම්පාදනය කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවද හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නා.
කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් ජාතික ආරක්ශාව සම්බන්ධ ගැටලුවලදී පවතින නීතිය උපයෝගී කර ගැනීමට සිදුව ඇති බවද ඇය තවදුරටත් අවධාරණය කළා.