තමන්ගේ පුතා වන විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට අවතීර්ණ වන බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ එම වාර්තා තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.
විමුක්ති කුමාරතුංගට මෙරට දේශපාලනයට එක්වීමට කැමැත්තක් හෝ අවශ්‍යතාවක් නොමැති බවත් තම පවුල දේශපාලනය වෙනුවෙන් මුහුණ දුන් කම්කටොළු වලට සිය මුතු මුහුණ දෙනු දැකීමට තමන් අකමැති බවත් පවසන හිටපු ජනපතිනිය වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට ආදරය කරන තම පුතුට රට වෙනුවෙන් සේවයක් කිරීමට ඇති එකම ක්‍රමය දේශපාලනය නොවන බවයි.
එමෙන්ම, මෙවැනි අසත්‍ය පුවත් මත පදනම්ව තීරණ නොගන්නා ලෙසත් ඇය සිය සටහනෙන් ඉල්ලා සිටිනවා. එම නිවේදනය පහතින්,