29.1 C
Colombo
Wednesday, April 9, 2025

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් වනජීවී නිලධාරීන්ට තර්ජන

- Advertisement -

පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මනම්පිටිය සිට යක්කුරේ දක්වා නීති විරෝධී ලෙස මාර්ගයක් ඉදිකිරීම සම්බන්දයෙන් හා වනජීවී රක්ෂිතය තුළ අනවසරයෙන් වගා කිරීම සම්බන්දයෙන් වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
පසුව එම ඉඩම් නැවතත් වනජීවී දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

වනජීවී රක්ෂිත තුළට ගවයන් ඇතුළු කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කරන බැවින් ඒ පිළිබදව

පොළොන්නරුවෙ – ඕනෑගම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළට ගවයින් ඇතුළු කිරීමට කටයුතු කිරීමේදී ඊට වනජීවී නිලධාරීන් බාධා කිරීම පිළිබදව ඊයේ (26) වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සමඟ සාකච්ඡාවක් පවත්වූවා.
එහිදී ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරීමට අමාත්‍යවරයා අවසර ලබාදී තිබීම හේතුවෙන් එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් ඊට විරෝධය පළ කළා.
ඔවුන් එහිදී සදහන් කර ඇත්තේ රක්ෂිතය තුළට ගවයින් ඇතුළු කිරීම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට පටහැනි බවයි.
ඊට අමතරව පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මනම්පිටිය සිට යක්කුරේ දක්වා නීති විරෝධී ලෙස මාර්ගයක් ඉදිකිරීම සම්බන්දයෙන් හා වනජීවී රක්ෂිතය තුළ අනවසරයෙන් වගා කිරීම සම්බන්දයෙන්ද මෙහිදී කතාබහට ලක්ව තිබෙනවා.
එහිදී වනජීවී නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.
එහි දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

Breaking : වැලිකඩ පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්නැයි නියෝගයක්

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත්...

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තාට මඩකලපුවේ වීදි පුරා රතිඤ්ඤා

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ මඩකලපුව ප්‍රදේශයේ වීදි පුරා රතිඤ්ඤා දැල්වීමට ඇතැම් පිරිස් කටයුතු කර තිබෙනවා. 2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී...

ට්‍රම්ප්ට ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් නායකයන් ඕනේ – කිරිඇල්ල

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

POPULAR ARTICLES