අද දිනට යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 72 වන ජන්ම දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් චීන ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇති බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ.
දෙරටේ සබදතා තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කමත් මූල්යෝපායික වැදගත්කමකින් යුත් සබදතා තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කිරීම තුළින් දෙරටටම වැදගත්කමකින් යුත් ප්රතිලාභ අත් කර දීමට කැප වන බවත් සිය ලිපියෙන් ෂී ජින්පින් මහත පෙන්වා දෙනවා.
එමෙන්ම, ලෝකය අභියෝගයට මුහුණ දුන් බොහෝ අවස්ථාවලදී චීනය හා ශ්රී ලංකාව එකිනෙකා වෙත අන්යන්යෝන්ය අවදානය යොමු කරමින් එක්ව එම අභියෝගයන්ට මුහුණ දුන් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.
On 20th June, ??President Xi Jinping sent a signed letter to ??President Gotabaya Rajapaksa @GotabayaR wishing him a very happy birthday.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) June 20, 2021
Xi: In face of major challenges in the world, #China and #SriLanka have been looking out for each other and working closely with each other. pic.twitter.com/agOj4mRohD