26 C
Colombo
Monday, March 31, 2025

ඝාතන සිද්ධියකට වසර 35 ක් සෙවූ කාන්තාවක් අත්අඩංගුවට

- Advertisement -

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟව සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1989 වසරේදී අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්ව පරීක්ෂකවරයයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට බොරැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

අදාළ පුද්ගලයාගේ බිරිය සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පොලීසිය, අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කර තිබුණා.

අත්අඩංගුවට ගත් එවකට 30 හැවිරිදි කාන්තාව විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි යතුරු ලියන්නියක ලෙස සේවය කර ඇති බවත් ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබූ බවත් එහිදී අනාවරණය වුණා.

අදාළ සබඳතාව සිය සැමියාට අනාවරණය වීමෙන් පසුව ඔහුගේ උපදෙස් මත 1989 වසරේ එක්තරා දිනකදී තම අනියම් සැමියාව අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ පිහිටි සිය නිවසට එම කාන්තාව මගින් කැඳවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම කාන්තාව එහිදී සැමියා සමඟ එක්ව සිය අනියම් සැමියා ඝාතනය කර පෙති ගසා බැරලයකට දමා ළිඳකට දමා ඇති බවයි.

ඒ හේතුවෙන් අදාළ අඹුසැමි යුවළ මාස 6ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පසුව ඔවුන් ඇපමත මුදාහැර තිබෙනවා.

එලෙස නිදහස ලැබූ යුවළ පසුව අතුරුදන්වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

ඒ අනුව, ඔවුන් නොමැතිව සිදුකළ නඩු විභාගයෙන් පසුව අදාළ අඹුසැමි යුවළට 2019 වසරේදී මරණ දඬුවම නියම කර තිබුණා.

කෙසේවෙතත් ඝාතනය සිදුකළ අඹුසැමි යුවළ සොයාගැනීමට කිසිදු පොලීසියකට හැකියාවක් ලැබී නැහැ.

එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙකුට තොරතුරක් ලැබී තිබුණේ අදාළ ඝාතනය සිදුකළ කාන්තාව බණ්ඩාරගම පමුණුගම ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටින බවයි.

ඒ අනුව ඇයව ඊයේ (09) දිනයේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට එක්දරු මවක් වන අදාළ කාන්තාව 64 හැවිරිදි වියෙහි පසුවෙනවා.

පොලීසිය සඳහන් කළේ අඹුසැමි යුවළ ඇප ලැබීමෙන් අනතුරුව පසුගිය වසර 35 තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිය ඥාතීන්ගෙන්ද වසන් වෙමින් සැඟව සිට ඇති බවයි.

ඔවුන් දෙදෙනා පොලීසියට හසුවේයැයි බියෙන් වෙන් වෙන්ව ජීවත් වූ බව අදාළ කාන්තාව පවසා තිබෙනවා .

කෙසේවෙතත්, ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.

සැකකාර කාන්තාව අද (10) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...