- ගිය අවුරුද්දෙත් ගීත ගායනා කරන පොඩි ගෑනු ළමයෙක්ට සමාජජාලාවල වද දුන්නා
- හිත රිදුණ නිසා මම මනුස්සයෙක් නිසා මට ඇඬුණා
- මේ සමාජය කාන්තාවට වටිනාකමක් දෙන්න අකමැති සමාජයක්
- කාන්තාවන්මයි කාන්තාවන්ව පහතට ඇදලා දාන්නේ
පසුගිය දිනක යූටියුබ් නාලිකාවක සකච්ඡාවකට සහභාගී වෙමින් තමා සංවේදී වූයේ ප්‍රසිද්ධ වීමට නොවන බව ජනප්‍රිය තරුණ ගායන ශිලිපිණි උමාරියා සිංහවංශ පවසනවා.
‘සරසවිය‘ සමඟ අදහස් දක්වමින් ඇය පවසන්නේ සමාජජාලාවල කතාබහ වන අසභ්‍ය වීඩියෝපටය හේතුවෙන් තමන් ලක්වූ මානසික පීඩාව සහ අපහසුතාවය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී තමන් එසේ සංවේදී වූ බවයි.
“මේ සමාජය කාන්තාවට වටිනාකමක් දෙන්න අකමැති සමාජයක්. මට වුණු සිදුවීමත් එක්ක නැවත මේ ගැන කතාබහක් ඇති වෙලා හෝ සමාජය මේ ගැන කතා කරනවා නම් මම කැමතියි.” යැයි ඇය පවසයි.
“මම සාමාන්‍යයෙන් negative comments දාන පුද්ගලයන්ට අවධානයක් දෙන්නේ නෑ. මට social media team එකක් ඉන්නවා. එයාලා හෝ මම ඒ negative comments දාන අයව ban කරනවා.
සමාජයේ හැසිරෙන්න ඕනෙ කොහොමද කියලා ලංකාවේ පාසල් අධ්‍යාපනයට වෙනම විෂයක් දාන්න වෙන තරමට මේ සමාජය පිරිහිලා තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවෙන්න ජීවත් වෙන හැටි හැමෝම ඉගෙන ගන්න ඕනෙ” යැයි ඇය තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල පලවන අදහස් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටිනවා.
“ගිය අවුරුද්දෙත් ගීත ගායනා කරන පොඩි ගෑනු ළමයෙක්ට සමාජජාලාවල වද දුන්නා. ඒත් කවුරුවත් ඒකට කතා කළේ නෑ. මේ සමාජයේ කාන්තාවන්මයි කාන්තාවන්ව පහතට ඇදලා දාන්නේ. මෙහෙම දෙයක් උනාම නිහඬව ඉන්න ඕනෙද?
යූටියුබ් වැඩසටහනේදී මම සංවේදී උනේ ලාභ ප්‍රයෝජනයක් ගන්න බලාගෙන නෙවෙයි. මගෙ හිත රිදුණ නිසා මම මනුස්සයෙක් නිසා මට ඇඬුණා. මම එතනට ගියේ මේ ගැන පුළුල් ලෙස කතා කරන්න. මම භෞතික දේවල් පස්සෙ දුවන්නෙ නෑ කියලා මම හැමදාම කියනවා. ඒ ප්‍රසිද්ධිය මට වැඩක් නෑ. සමාජජාලා වල මේ ඍණාත්මක හැසිරීම සම්බන්ධයෙන් නීති හැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා.” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසයි.