තලේබාන් පාලනය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් විසින් පවත්වාගෙන ගිය ව්‍යාපාර සියල්ලම පාහේ වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
එරට ටොලෝ නිවුස් පුවත් සේවය වාර්තා කළේ අකාන්තා ව්‍යාවසායකයන් විසින් පවත්වාගෙන ගිය හෝටල්, ආපන ශාලා සහ කැෆේ සියල්ලම වසා දැමීමට සිදුව ඇති බවයි.
මෙම ව්‍යාපාරවල හිමිකාරත්වය දැරීමෙනුත් ඒවායේ සේවය කිරීමෙනුත් ඇෆ්ගනිස්තාන කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සිය ආර්ථිකය ශක්තිමත් කරගත් බව එරට වාර්තා සදහන් කරයි.
තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට රැකියා කිරීමටත්, එළිමහනේ නිදහසේ ගැවසීමටත් අවසර නොදීම හරහා මෙම ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බිද වැටී තිබේ.