24 C
Colombo
Tuesday, November 5, 2024

ලෝක කුසලාන කාන්තා T20 පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

- Advertisement -

ලෝක කුසලාන කාන්තා T20 තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණා.

කේප් ටවුන් ක්‍රීඩාංගනය 8000කට වැඩි ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගොස් තිබුණු අතර එය දකුණු අප්‍රිකාවේ කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීම සඳහා පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 129ක් රැස් කළා.

එහිදී පන්දු 50ක් තුල ලකුණු ලකුණු 68ක් ලබා ගත් නායක චමරි අතපත්තුගේ ඉනිම කැපී පෙනුනා.

චමරි සහ 17 හැවිරිදි විශ්මි ගුණරත්න එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 86ක සබඳතාවක් ගොඩනැගුවා.

විශ්මි ලකුණු 35යි.

පන්දු යැවීමේදී Shabnim Ismail, Marizanne Kapp සහ Nadine de Klerk එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 130ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසිණු කරන්නට ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය සමත් වුණා.

පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී දකුණු අප්‍රිකානු කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 18 කට කඩුලු 3ක් දවා ගත්තා.

සුගන්ධිකා කුමාරි සහ ඕෂධී රණසිංහ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 3ක තියුණු ජයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියේ සටහන් වුණේ වාර්තාගත ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිට දකුණු අප්‍රිකාවට අනපේක්ෂිත පරාජයක් උරුම කරමින්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර A කාණ්ඩයේ දෙවැනි තරගය හෙට පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...

ඇඹිලිපිටියෙන් සොයාගත් ගිනිඅවි

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (04) ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අවි ආයුධ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු සතුව තිබී AK...

දයාසිරිගේ වට්සැප් එකත් හැක් කරලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ වට්සැප් ගිණුම ද මේ වනවිට හැක්කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. News 19 අප කළ සොයා බැලීමකදී ඒ මහතා...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා. මානව හිමිකම්...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...