25.4 C
Colombo
Wednesday, December 4, 2024

කින්නියා පාරු අනතුරෙන් පසුව හදනවා කියපු පාලමේ වැඩ නවතියි (ඡායාරූප)

- Advertisement -

පසුගිය වසරේ නොවැම්බර් 23 වනදා ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුව හරහා ගමන්කිරීමට පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබුණත් එහි වැඩකටයුතු නවතා දමා තිබීම හේතුවෙන් ක්‍රියාත්මක වූ මෙම පාලම් පාරු සේවයෙහි පාරුවක් පෙරලී යෑමෙන් අදාළ අනතුර සිදුවූවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසා සිටියේ එහි ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් එහි ඉදිකිරීමේ කටයුතු මේ වන විට යළිත්වරක් නවතා දමා ඇතිබවට තොරතුරු වාර්තා වනවා.

අනතුරෙන් පසුව නාවුක හමුදාවේ මැදිහත්වීමෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා බෝට්ටුවක් යෙදවූවත් මේ වන විට එයද ක්‍රියාත්මක නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ වන විට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද ආණ්ඩුවෙන් වන අකටයුතුකම් නිසාවෙන් සිය රාජ්‍ය අමාත්‍යංශයේ වැඩකටයුතුද අඩාලකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් නැගෙනහිර ජනතා හඩ සංවිධානය පවසන්නේ කුරිඥංකර්නි ජනතාවට පාලම දිනාගැනීම සඳහා ඉදිරියේදී අඛණ්ඩ අරගලයක් සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ නිවේදනයක්

2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින් අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොමැති බව මුදල්, ක්‍රමසම්පාදන...

විදෙස් කතක් දුම්රියෙන් ඇද වැටිලා

ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ODC සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික කාන්තාවක් ඉන් වැටී බරපතල තුවාල ලබා තිබෙනවා. හපුතලේ පොලිසිය සඳහන්...

මාරක අනතුරකින් බිරිඳ මරුට සැමියා රෝහලේ

යතුරුපැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල තුවාල සිදුවු සැමියා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා. පල්ලම පොලිසිය පවසන්නේ...

POPULAR ARTICLES