ලෝක ප්‍රකට ඉන්දීය තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට සකීර් හුසේන් 73 හැවිරිදි වියේ පසුවුණා.
ජෝර්ජ් හැරිසන්ගේ Living in the Material World ඇල්බමය සහ සැක්සෝෆෝන වාදක ජෝන් හැන්ඩිගේ 1973 ඇල්බමය වන Hard Work සඳහා වාදකයෙකු ලෙස දායක වීමත් සමඟ සකීර් හුසේන් 1973 දී ජාත්‍යන්තර අවධානයට ලක් වුණා.
හුසේන් සිය වෘත්තීය ජීවිතය තුළ ග්‍රැමී සම්මාන හතරක් ලබා තිබෙනවා.
එමෙන්ම, ඉන්දියාවේ ජාතික වස්තුවක් ලෙස ගෞරවාදරයට පත් සකීර් ඉන්දීය පුරවැසියෙකුට පිරිනැමෙන ගෞරවනීය සම්මාන වන පද්ම ශ්‍රී, පද්ම භූෂණ සහ පද්ම විභූෂණ යන ගෞරව නාමවලින් පිදුම් ලැබූවෙක්.