23 C
Colombo
Tuesday, February 18, 2025

යොහානි ජනපතිවරයාට විරුද්ධ වෙයි කියා සමාජ මාධ්‍යයේ බොරු දාලා

- Advertisement -

හිටි හැටියේ සමාජ මාධ්‍ය තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි ද සිල්වා මෙනෙවියත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකර ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය තුළ ඡායාරූපයක් පලවනවා.

එම ඡායාරූපයේ දැක්වෙන්නෙ Gota Hell සහ Go Gota Home යනුවෙන් සඳහන් කළ පුවරුවක් යොහානි ද සිල්වාගේ අතේ ඇති බවයි.

කෙසේවෙතත් අප කළ සොයා බැලීමකදී වාර්තා වුණේ මෙය සංස්කරණය කළ ඡායාරූපයක් බවයි.

‌යොහානි සිය ජංගම දුරකථනය අතැතිව සිටින ඡායාරූපයකට ජනාධිපතිවරයාට එරෙහි පුවරුවක් එක්කර මෙම ඡායාරූපය සංස්කරණය කර තිබෙනවා.

කලාකරුවන් රැසක් විවිධ ස්ථානවලදී ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබුණත් ඒ කිසිදු ස්ථානයකට යොහානි ද සිල්වා මෙනෙවිය මේ වන තුරුම සහභාගී වුණේ නැහැ.

“මැණිකේ මගේ හිතේ” ගීතය හරහා යොහානි ද සිල්වා මෙනෙවිය ලබාගත් දෙස් විදෙස් ජනාදරයක් හේතුවෙන් ඇයට කොළඹින් ඉඩම් කොටසක් ලබාදීම සඳහා රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ඇයට ලබාදීමට කටයුතු කරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළා.

එහිදී යොහානි හට පර්චස් 09ක පමණ ඉඩමක් රජයෙන් ලබාදෙන ත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිත වන අතර මේ පිළිබඳ යෝජනාව අග්‍රාමාත්‍යයවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමුකර තිබුණා.

මුල් ඡායාරූපය
සංස්කරණය කළ ඡායාරූපය

RECENT ARTICLES - SINHALA

විපක්ෂය අද මැතිවරණ කොමිසමට

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද (18) මැතිවරණ කොමිෂන් සභාව වෙත...

ප්‍රදේශ කිහිපයකට වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...

Breaking: සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) රාත්‍රී නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිඳු වෙඩ්...

POPULAR ARTICLES

විපක්ෂය අද මැතිවරණ කොමිසමට

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද (18) මැතිවරණ කොමිෂන් සභාව වෙත...

ප්‍රදේශ කිහිපයකට වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...

කැනඩා ගුවන් යානයක් පෙරළී අනතුරකට ලක්වෙයි

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර...