29 C
Colombo
Thursday, January 23, 2025

මංගල කලින්ම හඳුනාගත් යොහානිගේ ‘Smart දේශප්‍රේමය’

- Advertisement -

නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි විසින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නව වාර්තාවක් සනිටුහන් කරමින් යූටියුබ් රසිකයන් මිලියනයක් රැස් කර ගැනීමට සමත්වූයේ මීට දින කිහිපයකට පෙරයි.

කෙසේ නමුත් කොවිඩ් ආසාදිතව පසුගිය 24 වනදා අප අතරින් සමුගත් ජනප්‍රිය දේශපාලඥයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා ඇයගේ ඉදිරි ගමන ඊට පෙරම හඳුනාගෙන තිබුණා.

ඇය මෙරටට අභිමානයක් ගෙනෙන නව පරපුරේ Smart දේශප්‍රේමයේ පිළිබිඹුවක් වබට යූ ටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියා.

” මේ රටේ ඉන්න තරුණ පරපුර, Millennialsලා කියන, Y පරපුර සහ Z පරපුර ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. පරණ අය ගැන නොතිබුණු බලාපොරොත්තුවක් දර්ශනයක් මේ අය ගැන ඇති වෙමින් තියෙනවා.

මම තෝරගත්තු මේ ගීතයෙනුත් මේ රටේ අනාගතය ගැන විශාල බලාපොරොත්තුවක් ඇති වෙනවා. මේකෙන් සම්ප්‍රදාය සහ නූතනත්වය කියන දේ ලස්සනට එකතු කරලා තියෙනවා. මේ ගායිකාව කවුද කියලත් මම දන්නෙ නෑ. මම දවසක් මේ ගීතය මගේ iPad එකෙන් දැක්කම, මේක තමයි ලංකාවේ අනාගතය විය යුත්තේ කියලා විශාල සතුටක් ඇති උනා.

මේ යොහානි කියන ගෑණු ළමයා. එක පැත්තකින් ඉතාමත් පැරණි සිංහල සිංදුවක් සමඟ බටහිර හිපොප් රැප් සංකල්පත් එකතු කරලා. අනිත් පැත්තෙන්, එක වෙලාවකට සාරියක් අඳිනවා. තවත් වෙලාවකට ඉරිච්ච ඩෙනිමක් අඳිනවා. නමුත් ඒ සියල්ල ඉදිරියේ මේ ගෑණු ළමයා නූතන ශ්‍රී ලාංකිකයෙක්. අන්න ඒකයි මේ රටට අවශ්‍ය. ශ්‍රී ලාංකිකයන් නූතනවාදීන් බවට පත් කරන්න ඕනේ.

මොකද අපි හැමදාමත් ඉතිහාසය විතරක් බදාගෙන, දුටු ගැමුණු ගැන විතරක් කතා කරමින් ආපස්සට යන ජාතියක් වෙනවට වඩා අපේ ප්‍රෞඩ ඉතිහාසයෙන් පන්නරය ලබපු ලෝකය සමඟ සමානව ඉදිරියට යන්න පුළුවන්, සිංහල බස හොඳින් දන්න, ආගම සංස්කෘතිය සමඟ මුසුවූ නූතනත්වයක් අපිට අවශ්‍යයයි.

දැනට දේශප්‍රේමීන් වගේ කෑගහන්නේ ලෝකෙ ගැන නොදන්න, පුංචි ළිඳක ඉන්න ගෙම්බො වගේ පිරිසක්. ලෝකෙම අපිව දාලා යන මොහොතක නූතන දේශප්‍රේමීත්වයක් ඇති කරන්න ඕනෙ. Smart patriots ඇති කරන්න ඕනෙ. ඒ Smart දේශප්‍රේමීත්වය තමයි මම මේ සිංදුව තුලින් දකින්නේ.” යැයි මෙහිදී ඔහු පවසනවා

ජනප්‍රිය නවක ගායන ශිල්පී සතීෂාන් 2020 වසරේ එළිදැක්වූ ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට නව ආරක් එක් කරමින් මීට මාස 2කට පමණ පෙර යොහානි සමඟ එළිදැක්වූ නව වීඩියෝව මෙරට පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් වලද ඉතාමත් ජනාදරයට ලක්විය.

ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් භච්චන් ද එම ගීතය පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබීමත් සමඟ එම අවධානය තවත් තීව්‍ර වූ අතර ඉන්දීය මාධ්‍ය විසින්ද ඒ සම්බන්ධයෙන් වාර්තා කළා.

දාල සාකච්ඡාව

මංගල අදහස් දක්වන වීඩියෝව


RECENT ARTICLES - SINHALA

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අධිකරණයට

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...

පාර්ලිමේන්තුව උණුසුම් කළ මාදිවෙල වාහනේ

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන් බව පැවසුවද කිහිපදෙනෙකු රජයේ වාහන භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කරනවා. අද (23) පාර්ලිමේන්තුවේ දී...

ඊ ටිකට් වංචාවට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දුම්රිය ඊ ටිකට් පත් චංවාව...

POPULAR ARTICLES

“අයිස් ක්‍රීම්” ළඟදීම සිනමා ශාලා වෙත

ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාසගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “අයිස්ක්‍රීම්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා (21) එළිදැක්වුණා. හේමාල් රණසිංහ, සරත් කොතලාවල, අයිෂාරා අතුකෝරල, රුක්මාල්...

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අධිකරණයට

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...

තායිලන්තයේ සමලිංගික විවාහ නීතිය ක්‍රියාත්මකයි

දකුණු ආසියානු රටක් ලෙස තායිලන්තය අද (23) සිට සමලිංගික විවාහ නීතිය පිළිගෙන තිබෙනවා. මෙම නව නීතිය පසුගිය වසරේ සම්මත කර ඇති අතර එම විවාහ නීතිය...