හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ , අයතා වත්කම් උපයාගැනීමට සම්බන්ධ සිදුවීමකට අදාළවයි.
මේ සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ප්රකාශ ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරි මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) පැය කිහිපයක ප්රකාශ ලබා දී තිබෙනවා.
මීට පෙර අවස්ථා දෙකකදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි, මේජර් නෙවිල් වන්නිආරච්චිට දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණ තිබුණේ නැහැ.