තුන්වේලක් කෑ පුද්ගලයන් හට මෙම අවස්ථාවේදී දෙවේලක් කා ජීවත්වීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
එලෙස වේලක් කැපකරමින් පවත්නා වසංගත තත්ත්වය මර්දනය කරගතහොත් දූ දරුවන් වෙනුවෙන් ඉදිරිකාලයේදී ඉදිරි පිම්මකට යා හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවේදී තම පඩිය කැපකර මෙම අර්බුදයට දායක වී ඇති බවයි ජගත් කුමාර මහතා පවසන්නේ.
රටේ කිසිදු භාණ්ඩ හිඟයක් නොමැති බවත් විපක්ෂය යට ඇඳුම් පිළිබදව පමණක් සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
භාණ්ඩ 623 ක් ආනයනය පාලනයවීම තුළින් දේශීයත්වයට යම් සහනයක් ලැබෙන බවත් ඇපල් හෝ දොඩම් අනිවාර්යයෙන් ආහාරයට ගතයුතු යැයි කියා දෙයක් නොමැති බැවින් රටේ ඇති අඹ, දේශීය දොඩම් වැනිදෑ ආහාරයට ගන්නා ලෙසත් ජගත් කුමාර මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් සඳහන් කළා.