යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ මතභේදාත්මක වීඩියෝවක් නැවතත් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වී තිබෙනවා.
එම වීඩියෝවෙහි පළ වී තිබුණේ, ඔහු රෝහල් වෛද්‍යවරයෙකුගෙන් තමාට ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙස ඉල්ලා සිටින අයුරුයි.
එහිදී මන්ත්‍රීවරයා එම රෝහල් වෛද්‍යවරයාට පවසන්නේ, තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමාට “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙසයි.
කෙසේවෙතත් මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා ඉකුත් පසුගිය දිනකද යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් සිදු කළ හැසිරීමක් සම්බන්ධයෙන්ද එම රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ පටන්ම මෙම මන්ත්‍රීවරයා නොයෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් මැවූ මන්ත්‍රීවරයෙක් වනවා.
පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙනවා.