28.7 C
Colombo
Sunday, March 30, 2025

යුක්‍රේනයේ සාමය වෙනුවෙන් සෙලෙන්ස්කි ලංකාවේ සහාය ඉල්ලලා

- Advertisement -

යුක්‍රේනයේ නව ශ්‍රී ලංකා තානාපති හසාන්ති දිසානායක මහත්මිය එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මුණගැසී තිබෙනවා.

යුක්‍රේනයට තේරීපත්වී ආ ශ්‍රී ලංකා සහ ගෝතමාලා නව තානාපතිවරියන් අක්තපත්‍ර භාරදීමේ අවස්ථාවේදී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එහිදී අදහස් දක්වා ඇති යුක්‍රේන ජනාධිපතිවරයා තම රට එක්සත් ජනපද නියෝජිතයින් සමග ඵලදායී සාකච්ඡාවල නිරතවී සිටින අතර හැකි ඉක්මණින් සාමය ළඟාකර ගැනීම සඳහා කටයුතු කරන බව පවසා තිබෙනවා.

“තවදුරටත් සාකච්ඡා ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට යුක්‍රේනය පියවර රැසක් යෝජනා කර ඇති අතර අනෙක් පාර්ශ්වයන්ගෙන් මෙම ස්ථාවරයට සහාය ලබාගැනීමට අපේක්ෂා කරනවා.”

සෙලෙන්ස්කි විසින් පවසා සිටියේ එහිදී එක්සත් ජාතීන්ගේ පඤ්ඥාප්තිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම්ව යුක්‍රේනය සාධාරණ සහ කල්පවතින සාමයක් ළඟා කරගැනීම සඳහා තම රට ශ්‍රී ලංකාවේ සහයෝගය බලාපොරොත්තු වෙන බවයි.

වෙළෙඳාම, අධ්‍යාපනය, ආහාර සුරක්ෂිතතාව සහ වෛද්‍ය පුනරුත්තාපන ක්ෂේත්‍රවල ද්වි පාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමට යුක්‍රේනය උනන්දු වෙන බවද සෙලෙන්ස්කි එහිදී සඳහන් කර තිබෙනවා

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

කතරගම ගෙදරට අනුරගෙන් රතුඑළියක්

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක්...

POPULAR ARTICLES

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

මියන්මාරයේ තවත් භූකම්පනයක්

මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මැන්ඩලේ ප්‍රදේශයට වයඹ දෙසින් කිලෝමීටර් 28ක් පමණ දුරින් වූ ප්‍රදේශයක...